පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අවසන් තරගයට

2022 ආසියානු කුසලාන T20 තරගාවලියේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව සහ පකිස්තානය තේරී තිබෙනවා.

ඒ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ පාකිස්තාන කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අද (07) පැවැති තරගය එක් කඩුල්ලකින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වීමත් සමඟ යි. අද තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඇෆ්ගනිස්තාන කාණ්ඩායමට ලබාදීමට යි.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 129ක් රැස් කිරීමට සමත් වුණා.

ලකුණු 130ක ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම පන්දු ඕවර 19යි පන්දු 2කදී කඩුලු 9ක් දැවී ලකුණු 131ක් ලබා ගනිමින් තියුණු ජයක් ජයක් වාර්තා කළා.

ඒ ජයග්‍රහණයත් සමඟ ලබන 11 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව තරග වැදීමට පාකිස්තානු කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා. තරගය පැවැත්වෙන්නේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී යි.

POPULAR

Recent articles