“මාලදියිනේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පැමිණීමට ආධාර කළා” – මාලදිවයිනේ මාධ්‍ය පවසයි

අද (13) අලුයම පැනගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රහසිගතව ශ්‍රී ලංකාවෙන් පිටම පැමිණි බව AFP වාර්තා කිරීමත් සමඟ මාලදිවයින් මාධ්‍යවේදීන් එරට විදේශ අමාත්‍යාංශයෙන් රජයෙන් නිල ප්‍රකාශයක් ඉල්ලා තිබෙනවා.

පැය කිහිපයකට පසු එරට විදේශ අමාත්‍යාංශයේ සන්නිවේදන අධ්‍යක්ෂ මියුවාන් මොහොමඩ් (Miuvaan Mohamed) මාධ්‍ය වෙත පණිවිඩයක් යවමින් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂගේ පැමිණීම පිළිබඳව විදේශ අමාත්‍යාංශයට අදහස් දැක්වීමට අවශ්‍ය නොවන බවයි.

මාලදිවයින් භාෂාව වන Dhivehi බසින් පළවන Vaguthu වෙබ් අඩවිය පවසන්නේ ලක්‍ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් රජයට විරෝධය පළකරමින් සිටියදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පලායාමට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ජනතාවගේ විවේචනයට මාලදිවයින් රජය ලක්ව ඇති බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ප්‍රථමයෙන් ඉන්දියාවට පැමිණීමට උත්සාහ කිරීමෙන් අනතුරුව රාත්‍රියේ ශ්‍රී ලංකා ගුවන් හමුදා යානයකින් ශ්‍රී ලංකාවෙන් පිටව පැමිණි අතර එම ගුවන් යානයට ඉන්දීය ගුවන් සීමාවට ඇතුළු වීමට අවසර ලබා දී නොමැති බව මාධ්‍ය වාර්තා කරනවා.

ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සිව් දෙනාට මාලදිවයිනට පැමිණීමට මූලික බාධා එල්ල වූ නමුත් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඔහුට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ආධාර කළ බව එරට මාධ්‍ය පවසනවා.

POPULAR

Recent articles