පාර්ලිමේන්තුව ගැන අවලංගු වූ ගැසට් නිවේදනය ගැන ජවිපෙ නායකයා ප්‍රශ්න කරයි

පාර්ලිමේන්තුව ගැන අවලංගු වූ ගැසට් නිවේදනය ගැන ජවිපෙ නායකයා ප්‍රශ්න කරයි

නව පාර්ලිමේන්තුව කැඳවන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති දිනය මේ වන විට ඉක්මවා ඇති බැවින් ඔහු විසින් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග කුමක්දැයි වහාම රටට හෙළිකළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද ගැසට් නිවේදනය හරහා, නව පාර්ලිමේන්තුව මැයි මස 14 වන දින කැඳවන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති නමුත්, එම දිනය ඉක්මවා ඇති බැවින් ඒ පිළිබඳ ඔහුගේ නව ස්ථාවරය ප්‍රකාශයට පත්කළ යුතු බවයි අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙන්නේ.

පුවත්පතක් කළ විමසීමකදී මේ බව සඳහන් කළ ඒ මහතා, වැඩිදුරටත් කියා සිටියේ,

ජනාධිපතිවරයා මේ වන විට ව්‍යවස්ථා, ගැසට් නිවේදන හා නීතිය හිස් ලියවිලි බවට පත් කරමින් කටයුතු කරන බවයි

POPULAR

Recent articles