සෞදියෙන් අවුරුදු හයකට තෙල්

වසරකට ඇමරිකානු ඩොලර් බිලයන 06ක ඉන්ධන වසර පහක කාලයක් සඳහා අඛණ්ඩව ණය පදනම යටතේ ලබාදීමට සෞදි අරාබි රාජ්‍ය මූලික එකඟතාවය පළ කර ඇතැයි වාර්තා වනවා.

ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයකු ලෙස ඉකුත් දා සෞදි අරාබියේ සංචාරයක නිරත වූ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් එරට බලධාරීන් සමඟ සාකච්ඡාවලදී මෙම මූලික එකඟතාවය පළකර තිබෙන බව ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

පස් අවුරුදු ණය සැලැස්මක් යටතේ ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම කෙරෙහි එම සාකච්ඡාවලදී අවධානය යොමුකර ඇතැයි එම ආරංචිමාර්ග පවසනවා.

ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයකු ලෙස සෞද අරාබි රාජ්‍යයේ සංචාරයක නිරත වූ අහමඩ් ශ්‍රි ලංකාවේ ආයෝජනය කරන්නැයි ද එරට බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා.

කෘෂිකර්මික, පොහොර නිෂ්පාදනය ඛනිජතෙල් ගබඩා පහසුකම් ඉදිකිරීම ඉන්ධන සැපයුම් ස්ථාන පිහිටුවීම පිරිපහදුව නවීකරණය සහ පුළුල් කිරීම ඛනිජ සම්පත් අවස්ථා සහ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවාර්ධනය කිරීම සඳහා සෞදි ආයෝජන ශ්‍රි ලංකාවට ලබා ගැනීම පිළිබඳව එහිදී සකච්ඡාකර තිබෙනවා.

POPULAR

Recent articles