“ශ්‍රී ලංකාවට ආහාර අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා” – අගමැති

කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය පොහොර නොමැතිවීම හේතුවෙන් එළඹෙන අගෝස්තු මාසය වන විට ශ්‍රී ලංකාවට ආහාර අර්බුදයකට මුහුණදීමට සිදුවන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

විදෙස් ප්‍රවෘත්ති නාලිකාවක් සමඟ වැඩසටහනකට එක්වෙමින් අගමැතිවරයා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවට ණය ගෙවීමට නොහැකිවීම සම්බන්ධයෙන් තමන් ලැජ්ජාවට පත්වන බවයි.

මෙම ආර්ථික අර්බුදය සඳහා පසුගිය පරිපාලනය වගකිවයුතු බවද, අද ශ්‍රී ලංකාව බංකොලොත් භාවයකට පත්ව ඇති බවද අගමැතිවරයා ප්‍රකාශ කර සිටිනවා.

මෙහිදී මාධ්‍යවේදියා ජනාධිපතිවරයා ඉවත්විය යුතුද සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන් විමසීමක් කළ අතර එහිදී අගමැතිවරයා සඳහන් කළේ, ඒ සඳහා මත දෙකක් මේ වන විට ඉදිරිපත්වී ඇති බවයි.

තරුණ ප්‍රජාවගේ හා සමහර දේශපාලන පක්ෂවල අදහස වන්නේ ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බව වන අතර ඔවුන් ඒ සඳහා ගාලුමුවදොර විරෝධතාවයක නිරත වන බවද, නීතීඥ සංගමයේ අදහස ඒ වෙනුවට විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතු බ​වද අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටිනවා.

POPULAR

Recent articles