දුරකථන සේවා ගාස්තු ඉහලට

දුරකථන සේවා ගාස්තු හා මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු ඉහළ දැමීමට දුරකථන සමාගම් දෙන ඇති තීරණය අද ‍(05) සිට ක්‍රියාත්මක වන බව ඔවුන් පවසනවා.

තමන් එම තීරණය ගනු ලැබුවේ විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අනුමැතිය යටතේ බවයි එම සමාගම් පවසන්නේ.

ඒ අනුව සියලුම ජංගම, ස්ථාවර දුරකථන හා බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු සහ සෙසු පෙරගෙවුම් හා පසුගෙවුම් ගාස්තු දැනට පවතින මිලට සාපේක්ෂව 20%කින් ඉහළ යන බවයි කියන්නේ. මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු 25%කින් ඉහළ දැමෙන බව දුරකථන සමාගම් දැනුම් දෙනවා. ඊට හේතුව ලෙස ඔවුන් පවසන්නේ ඩොලරයට සාපේක්ෂව මෙහෙයුම් පිරිවැය ඉහළයාම නිසා මෙම තීරණය ගත බවයි.

ඊට අමතරව එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බදු සංශෝධනයත් සමඟ එම දුරකථන ගාස්තුද ඉහළ දමා ඇති බව සඳහන්. රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයාගේ අතුරු අයවැය මගින් 12%ක්ව පැවති වැට් බද්ද 15%ක් දක්වා ඉහළ දැමුණා.

POPULAR

Recent articles