“අපිට ලංකාවට එන්න කියලා රජයෙන් ආරාධනා කරනවා. ආවම අපට ඕන කරන පහසුකම් නෑ” – ජර්මන් සංචාරක තරුණියක් කියයි

“ශ්‍රී ලංකාව කියන්නේ හොඳ රටක්. හොඳ මිනිස්සු ඉන්නේ. අපිට ලංකාවට එන්න කියලා රජයෙන් ආරාධනා කරනවා. එහෙම ආවම අපට ඕන කරන පහසුකම් නැහැ” මෙරට පැමිණි ජර්මන් සංචාරක තරුණියක නුවරඑළියේදී ඊයේ (22) පවසා තිබෙනවා. ඒ වන විටත් ඇය නුවරඑළියේ ඉන්ධන පිරවුම්හලක් වෙත පැමිණ තිබුණේ ත්‍රිරෝද රථයකින් ඉන්ධන ලබා ගැනීමටයි.

“මම ලංකාවට ආවේ දවස් කීපයකට කලින්. කටුනායකින් කුලියට ත්‍රී වීල් එකක් ගත්තා. එකෙන් ගිහින් ලංකාව බලන්නයි ප්ලෑන් කළේ. නුවරළියට මම ආවේ විසි එක්වෙනිදා. අද මම හිතුවේ ඇල්ලට යන්න. හැබැයි අල්ලට යන්න පෙට්‍රල් නැහැ.

මම කටුනායක ඉදලම ත්‍රී වීල් එකෙන් යන හැම තැනකම ප්ලාස්ටික් බෝතලයක් අරන් යන්නේ අහුවෙන ෂෙඩ් එකකින් පෙට්රල් ටිකක ගන්න. දැනටමේ ත්‍රීවීල් එකේ තියෙන තෙල් වලින් යන්න පුළුවන් උපරිම දුර යනවා” යි ඇය පවසා තිබුණා.

POPULAR

Recent articles