රජය වී තොග බැංකුවට උකස් කරයි

ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට රජය තම සන්තකයේ ඇති වී තොග රජයේ බැංකුවලට උකස් කිරීමට තීරණය කර තිබෙනවා.

වී අලෙවි මණ්ඩලය මීට පෙර ලබා ගත් රුපියල් බිලියන දෙකකට ආසන්න ණය තවමත් ගෙවා නැහැ. එහෙයින් තවදුරටත් වී අලෙවි මණ්ඩලයට ණයට මුදල් ලබාදිය නොහැකි බවට රජයේ බැංකු ප්‍රකාශ කිරිමත් සමග රජය මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව වී මෙට්‍රික් ටොන් 30,000ක් මිලදී ගැනීමටත්, එම තොග බැංකුවලට උකස් කර රුපියල් බිලියන දෙකක ඇප ණයක් ලබා ගැනීමටත් නියමිතයි. ඒ සදහා රජයේ අනුමැතිය ලැබුණු බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් අස්විස් පවසනවා.

POPULAR

Recent articles