රුසියන් හමුදා කීව් අගනුවර ආසන්නයේ

රුසියන් හමුදා කීව් අගනුවර අල්ලා ගැනීමට ආසන්න යැයි විදෙස් මාධ්‍ය පවසනවා.

නගරය වට කළ රුසියන් හමුදා කීව් අගනුවර වැසියන්ට වහා නගරයෙන් පිට වී යන ලෙස දැනුම් දී ඇති බව ද විදෙස් වාර්තාවල දැක්වෙනවා.

නගරයෙන් පිටවීමට ප්‍රධාන අධිවේගී මාර්ගය භාවිතයට ගන්නා ලෙසත් කිසිවකුට අනතුරක් සිදු නොකරන බවත් රුසියන් හමුදාව පොරොන්දු වී ඇතැයි ද එම වාර්තාවල සඳහන් වනවා.

කෙසේ වුවද නගරය අත්හැරීම ප්‍රතික්ෂේප කරන යුක්රේන ආරක්ෂක අංශ සාමාජිකයන්, සිවිල් වැසියන් පමණක් නොව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ද චෝදනා කර ඇත්තේ රුසියන් හමුදා සිවිල් ඉලක්ක වෙත දිගටම ගුවනින් බෝම්බ ප්‍රහාර එල්ල කරන බවයි.

එමෙන්ම රුසියන් හමුදාව ප්‍රහාර සඳහා අධි බලැති රික්තක බෝම්බ ද යෝදා ගන්නා බවට යුක්රේන හමුදා චෝදනා කරනවා.

මේ වනවිට රුසියන් ප්‍රහාර හේතුවෙන් මියගිය යුක්රේන සිවිල් වැසියන් ගණන 536 ක් බවත්, දරුවන් 14 දෙනකු ඒ අතර සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර රුසියන් ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ ගණන 400 ක් ලෙස එම වාර්තාවල සඳහන් වනවා.

POPULAR

Recent articles