“සෞඛ්‍ය සේවයේ අතිකාල දීමනා කප්පාදුවක් නැහැ” – සෞඛ්‍ය අමාත්‍යංශය

අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකා සෞඛ්‍ය සේවයේ වෘත්තිකයින්ගේ අතිකාල හා දීමනා පෙර අනුගමනය කළ ක්‍රමයට අනුවම පවත්වාගෙන යාමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

එහි ලේකම් එස්. ජේ. එස්. චන්ද්‍රගුප්ත පවසන්නේ රාජ්‍ය වියදම් පාලනය සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයක් අනුව රාජ්‍ය සේවකයින්ගේ අතිකාල දීමනා ඇතුළු දීමනා සම්බන්ධ‍යෙන් සීමාවන් පනවා ඇති බවයි.

එහෙත් සෞඛ්‍ය ක්ෂේත්‍රය අඛණ්ඩව පවත්වාගෙන යාමට සියලු වෘත්තිකයින්ගේ සේවාව ඉතා හදිසි හා අත්‍යවශ්‍ය වන අතර එම කටයුතු කල් දැමීමට ‍හෝ නතර කිරීමට ‍නොහැකි බව සෞඛ්‍ය ලේකම්වරයා ලිපියක් මගින් අයවැය අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබෙනවා.

සෞඛ්‍ය අමත්‍යංශ ලේකම්වරයා සඳහන් කරන්නේ එම ලිපියේ ඇති කරුණු මුදල් අමාත්‍යංශය පිළිගෙන ඇති බවයි.

මේ අතර පසුගිය මාසයේ සෞඛ්‍ය සේවකයින්ගේ අතිකාල හා දීමනා කප්පාදුවකින් තොරව ලබාදීමට ද පියවර ගන්නා බව සෞඛ්‍ය ලේකම්වරයා පවසා සිටිනවා.

POPULAR

Recent articles