මහ බැංකු අධිපති ලේ වැගිරීමක් ගැන අනතුරු අඟවයි

දුප්පත් අඩු ආදායම්ලාභීන් ජීවත් වීමට නොහැකිව පාරට බැස්සොත් ඒක ලේ වැගිරීමෙන් කෙළවර වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ රටේ උද්ධමනය පාලනය කිරීමත් උද්ධමනයට සරිලන ආකාරයට ආදායමක් ලබා ගැනීමට සැමටම අවස්ථාවක් සලසාදිය යුතු බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මේ අදහස් පළ කළේ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී මැති ඇමතිවරුන් ඇමතූ අවස්ථාවේදීයි.

POPULAR

Recent articles