”ප්‍රතිඵලවලට හානියක් නෑ” – විභාග දෙපාර්තමේන්තුව

2021 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට කිසිදු හානියක් වී නොමැති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ පාසල් සිසුවෙකු විභාග දෙපාර්තමේන්තු නිල වෙබි අඩවියට අනවසරයෙන් ඇතුළු වී ප්‍රතිඵල වෙනස් කර ඇතැයි පළ වන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

අදාළ සිසුවා උත්සාහ කර ඇත්තේ දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ප්‍රතිඵල දත්ත ලබා ගෙන ඔහුගේ වෙබ් අඩවියකින් ප්‍රතිඵල පළ කිරීමටයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල ප්‍රදේශයේ පදිංචි පාසැල් සිසුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වනවා.

POPULAR

Recent articles