සනත් නිශාන්තට රක්ෂණයෙන් කෝටි 02ක්

හිටපු රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ නිවසට සිදු වූ අලාභය වෙනුවෙන් රුපියල් කෝටි 02ක රක්ෂණ මුදලක් හිමිව තිබෙනවා. ගෝල්ෆේස් භූමියේ අරගල පවත්වාගෙන ගිය තරුණ තරුණයින්ට පසුගිය මැයි 09 වෙනිදා සිදුකළ ප්‍රහාරයෙන් පසු එදින පස්වරුවේ බොහෝ දේශපාලනඥයින්ගේ නිවාසවලට පහරදීම් ඇතුළු රැසක් වාර්තාවුණා.

එවැනි සිදු වීම් අතර එවකට රාජ්‍ය ඇමති, පොහොට්ටු මන්ත්‍රී සනත් නිශාන්තගේ නිවසට ගිනිගැනීමට ලක්වුණා. ඒ අනුව එම නිවසට සිදුවූ හානිය වෙනුවෙන් ඔහුට මෙම රුපියල් කෝටි දෙකක චෙක්පතක් හිමව තිබෙනවා.

මෙම නිවාස සහ දේපළ හානි සඳහා වන්දි මුදලක් ලබාදීමට පසුගියදා ආණ්ඩුව විශේෂ තීරණයක් ගනු ලැබුවා. රජයේ ගණන් බැලීම් අනුව මෙම නිවාස සහ දේපළ හානි සඳහා තවත් රජයේ වන්දි මුදලක් මුදලද නුදුරේදීම ලැබීමට නියමිතව ඇති බවට වාර්තා වනවා.

POPULAR

Recent articles