“2024 වනතුරු බෙහෙත් හිඟයක් ඇතිවිය නොහැකි යි” – කෙහෙළිය රඹුක්වැල්ල

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා නොවැටී පවත්වාගෙන යාම සඳහා මිත්‍ර රටවල් විශාල වශයෙන් ආධාර දීමට ඉදිරිපත්ව සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

වාර්ෂිකව බෙහෙත් ආනයනය සඳහා ඇ.ඩො.මි. 260 කට ආසන්න මුදලක් වැය වය වන අතර මේ වන විට විවිධ ක්ෂේත්‍රවලින් ඇ.ඩො.මි.49 ක් පමණක් මෙරටට ලැබී තිබෙන බවයි ඔහු කියන්නේ.

“අපිට පසුගියදා ඕස්ට්‍රේලියානු රජයෙන් ඇ.ඩො.මි. 50 ක ආධාර මුදලක් සෞඛ්‍ය හා අත්‍යාවශ්‍ය ආහාර වර්ග සපයා ගැනීම සඳහා ලැබුණා. තවත් ඇ.ඩො.මි. 500 කට ආසන්න මුදලක් ලැබීමට නියමිතයි. ලබන අගෝස්තු මාසය වනතුරු යම් දුෂ්කරතා පැවතියද 2023 මැද හෝ 2024 ට ආසන්න වනතුරු කිසිම අවස්ථාවක බෙහෙත් හිඟයක් ශ්‍රී ලංකාවේ ඇතිවිය නොහැකි” යි අමාත්‍යවරයා පවසනවා.

POPULAR

Recent articles