වැඩවර්ජනය හේතුවෙන් වසා දැමුණු කොළඹ

රට තුළ පවතින අර්බුදයට හා රාජපක්ෂ පවුල් පාලන ආණ්ඩුවට විරෝධය පළ කරමින් අද (28) පැවැත්වෙන රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති රැසක දීපව්‍යාප්ත වැඩ වර්ජනය නිසා කොළඹ නගරයම දැඩි පාලු ස්වාභාවයක් ගෙන තිබෙනවා. වෙළඳ සල් සියල්ලම වසා අඩමා ඇති අතර දෛනික කුලී කම්කරුවන් පවා තම සේවයට නොපැමිණ වර්ජනයට සහය දෙන බවයි වාර්තා වන්නේ.

කොළඹ, කොටුව බැස්ටියන් මාවත සහ ගුණසිංහපුර බස් නැවතුම් සහ CTB බස් රථ නැවතුම් පවා දැඩි පාලු ස්වභාවයක් ගෙන තියෙනවා. වර්ජනය හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයද පාලුවට ගොස් ඇති බවයි පැවසෙන්නේ.

රාජපක්ෂ පවුල් පාලනයට එරෙහි මෙම වැඩවර්ජනය සඳහා වෘත්තීය සමිති දහසකට වඩා වැඩි ප්‍රමාණයක් එක්ව සිටින්නේ ලක්ෂ දහයක් ඉක්මවන වැඩ කරන ජනයාගේ උපරිම සහය ලබමින් බවයි ජාතික වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙනුවෙන් වසන්ත සමරසිංහ පවසන්නේ.

POPULAR

Recent articles