මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව සඳහා මන්ත්‍රීවරුන් නම් කරයි

මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව සඳහා, පහත සඳහන් මන්ත්‍රීවරුන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ අද (29) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 122 හි විධිවිධාන සහ 2022 අගෝස්තු 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව එය සිදු කරයි.

ඒ අනුව, ඉම්තියාස් බාකීර් මාකාර් මහතා, ජගත් පුෂ්පකුමාර මහතා, පියංකර ජයරත්න , දිලිප් වෙදආරච්චි , වඩිවේල් සුරේෂ් , එස්. වියාලේන්ද්‍රන් , අශෝක ප්‍රියන්ත , අරවින්ද් කුමාර් , ගීතා සමන්මලී කුමාරසිංහ, බී. වයි. ජී. රත්නසේකර , සාරතී දුෂ්මන්ත ,ගෝවින්දන් කරුණාකරම් , ජයන්ත කැටගොඩ , මොහමඩ් මුසම්මිල් , තුෂාර ඉඳුනිල් අමරසේන , වේලු කුමාර් , වරුණ ලියනගේ , යූ. කේ. සුමිත් උඩුකුඹුර , මායාදුන්න චින්තක අමල් , නිපුණ රණවක , ගාමිණී වලේබොඩ , රාජිකා වික්‍රමසිංහ , සහ එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන යන මන්ත්‍රීවරයන් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරිම සඳහා පත් කොට තිබේ.

POPULAR

Recent articles