“මීළඟ මහ කන්නයේ සිට පොහොර ආනයනයෙන් රජය ඉවත්වෙනවා” – මහින්ද අමරවීර

රජය මීළඟ මහ කන්නයේ සිට පොහොර ආනයනයෙන් ඉවත්වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඒ අනුව රටට අවශ්‍ය කරන සියළුම පොහොර ආනයනය පෞද්ගලික වෙළඳුන් මගින් සිදුකිරීමටයි පියවර ගනු ලබන්නේ.

සියලුම ගොවීන් සඳහා පොහොර මිලදී ගැනීමට මුල්‍යමය සහනාධාරයක් ලබා දීමට රජය කටයුතු කරන බවත් අමාත්‍ය මරවීර කියනවා. රජය පොහොර ආනයනය කිරීමේ දී විවිධ මැති ඇමතිවරුන්, නිලධාරීන් මඩි තර කර ගන්නා බවට චෝදනා එල්ලවීම මත මෙලෙස පොහොර ආනයනයෙන් ඉවත් වූ බව ඔහු පවසනවා.

POPULAR

Recent articles