එක්ස්රේ කාර්ඩ් හිඟයක්

දත් ආශ්‍රිත විකිරණ පරීක්ෂණ සඳහා භාවිත කරන සේයා පටලවල දැඩි හිඟයක් පවතින බව රජයේ විකිරණ නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ධර්මකීර්ති ඈපා සඳහන් කරන්නේ මේ හේතුවෙන් දත් ආශ්‍රිත සියලු එක්ස්රේ පරීක්ෂණ කල් දැමීමට සිදුව ඇති බවයි.

මේ පිළිබඳව කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු පැවසුවේ, දත් ආශ්‍රිත විකිරණ පරීක්ෂණ සිදු කිරීමට බාධාවක් වී ඇති සේයා පටල හිඟයට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

POPULAR

Recent articles