වාසුදේව නානායක්කාර නිල දේපල භාර දෙයි

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර අද (14) තම රාජකාරී වාහන හා නිල නිවාස සියල්ලම ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් ආචාර්ය ඉංජිනේරු ප්‍රියත් බී. වික්‍රම වෙත භාර දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සදහන් කළේ එය නිවැරදි බව හා තම පවුලේ සහෝදරයකුගෙන් ලබා ගන්නා පෞද්ගලික කුඩා රථයක් ඉදිරියට භාවිතා කරන බවයි.

තමන් අමාත්‍ය මණ්ඩලයේ රැස්වීම් වර්ජනය කිරීමත් අමාත්‍යංශයේ රාජකාරී වලින් ඉවත්වීමත් නිසා තව දුරටත් වාහන සහ අනෙකුත් අමාත්‍යංශයේ පහසුකම් ලබා ගැනීම සදාචාර නොවන බැවින් මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටිනවා.

POPULAR

Recent articles