රංජන්ට සමාව දුන් ලිපිය සභාගත කරන්න

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීමට අදාළ ලියවිල්ල පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ඉල්ලා සිටියේය.

එම ලිපිය “අධ්‍යයනය කිරීමට අවශ්‍ය” බව ප්‍රධාන සංවිධායකවරයා එහිදී පවසා සිටියේය.

අද (29) උදෑසන පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කිරීමෙන් අනතුරුව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂන් හෙතෙම එම ඉල්ලීම කළේය.

ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පැවසුවේ එම ලිපිය ලබාදිය හැකි බවය.

POPULAR

Recent articles