ඉන්ධන පිරවුන්හලේ පහරදීමට සම්බන්ද හමුදා නිලධාරියාට එරෙහිව පරීක්ෂණයක්

කුරුණෑගල – යග්ගහපිටිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකදී යුද හමුදා නිලධාරියෙකු තරුණයෙකුට පයින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කරන බව පැවසෙනවා.

පයින් පහර දුන් මෙම නිලධාරියා ශ්‍රී ලංකා යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරයෙකු බවයි කියන්නේ.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාව අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇත්තේ සිවිල් වැසියන් දෙදෙනෙක් බව වාර්තා වෙනවා.

POPULAR

Recent articles