අද (02) පැය හත හමාරක විදුලි කප්පාදුවක්

අද (02) දිනයේ පැය හත හමාරක දීර්ඝ විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිත යි.

ඒ අනුව පෙරවරු 8 ත් සවස 6 ත් අතර කාල සිමාව තුළ දිවයින පුරා පැය 5ක කාලයක් විදුලිය කප්පාදු කරනු ලබනවා.

එමෙන්ම සවස 6 ත් රාත්‍රි 11 ත් අතර කාලය තුළ තවත් පැය දෙක හමාරක කාලයක් විදුලිය කප්පාදු කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කරනවා.

මේ අතර කැණිතිස්ස බලාගාරය අක්‍රියවී අදට මාසයක් සම්පුර්ණ වන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඇන්ඩෲ නවමුනි සඳහන් කරන්නේ අක්‍රිය වූ සපුගස්කන්ද බලාගාරය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවයි.

විදුලි බලාගාර ආශ්‍රිත ජල මට්ටම ද 40% දක්වා පහළ ගොස් ඇති බව විදුලි බල මණ්ඩලය පෙන්වා දෙන අතර ඒ අනුව ජල විදුලි උත්පාදනය 19% ක් වනවා.

POPULAR

Recent articles