තෙල් සංස්ථාවේ ෂෙඩ් විකිනීමට එරෙහිව පෙත්සමක්

දිගු කාලීන පදනම යටතේ ඉන්ධන ආනයනය, මිල දී ගැනීම, රටතුළ බෙදා හැරීම සහ විකිණීම විදේශීය සමාගම් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබෙනවා. එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණා. ඒ ශ්‍රී ලංකා පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය ඇතුළු පිරිසක් විසින්.

එහි වග උත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍යවරයා, බලශක්ති ඇමති, සෙසු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

මේ හරහා ඛනිජ තෙල් සංස්ථාව සතු පිරහුම් හල් අතරින් වැඩි ප්‍රමාණයක් පුද්ගලිකරණය කිරීමේ සූදානමක් පවතින බව පෙත්සමෙහි සඳහන් වෙනවා. එමෙන්ම අතිශය ලාභ ලබන පිරවුම් හල් රැසක් ඊට ඇතුලත් බවයි පෙත්සමෙන් පෙන්වා දි ඇත්තේ. මේ හරහා ඛනිජ තෙල් සංස්ථාවට මෙන්ම සමස්ත මහ ජනතාවටගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සම්කරුවන් පවසනවා.

POPULAR

Recent articles