ජෝ බයිඩ්න් උද්ධමනය අඩු කිරීමේ පනතක් අත්සන් කරයි

ධනවතුන් මත බදු වැඩි කරන නව පනතකට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින් ඊයේ (16) අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 750 වනවා.

මෙම පනත මගින් සෞඛ්‍ය ආරක්ෂණ වියදම් සහ දේශගුණික විපර්යාසවලට එරෙහිව ද කටයුතු කරනු ඇති.

නිර්දේශිත ඖෂධවල මිල සීමා කිරීම සඳහා දශක ගණනාවක සිට කොංග්‍රසය ගෙන ආ යෝජනාව ද මෙම පනතට ඇතුළත් වේ.

රාජ්‍ය භෝජනාගාරයේ අත්සන් තැබීමේ උත්සවයකදී ඇමරිකානු ජානාධිපතිවරයා පවසා ඇත්තේ උද්ධමනය අඩු කිරීමේ පනත ලෙස හැඳින්වෙන මෙම ව්‍යවස්ථාව “අපගේ ඉතිහාසයේ වඩාත්ම වැදගත් නීති වලින් එකක්” බවයි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ජෝ බයිඩන්ගේ මෙම නව පනත ඉදිරි මැතිවරණයට පෙර තල්ලුවක් වනු ඇති බවයි.

මේ පිළිබඳව ඇමරිකානු ධවල මන්දිරය නිකුත් කර ඇති නිවේදනය-

https://www.whitehouse.gov/briefing-room/speeches-remarks/2022/08/16/remarks-by-president-biden-at-signing-of-h-r-5376-the-inflation-reduction-act-of-2022/

POPULAR

Recent articles