අත්‍යාවශ්‍ය භාණ්ඩ ගැන පාරිභෝගික අධිකාරියෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා නිෂ්පාදනය, ආනයනය සහ අලෙවියට අදාළ කොන්දේසි ගණනක් පනවමින් පාරිභෝගික අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ යටතේ පාරිභෝගිකයෙකු ඉල්ලුම් කරන ලද භාණ්ඩයක් සාධාරණ කාලසීමාවක් යටතේ නොපමාව සැපයිය යුතු අතර ප්‍රමාණවත් අමුද්‍රව්‍ය ප්‍රමාණයක් සන්තකයේ තබා ගත යුතු බවට ද එම ගැසට් නිවේදනයේ කොන්දේසි ඇතුලත් වෙනවා. මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරී පනත යටතේ යි.

එම ලයිස්තුවේ ඇති භාණ්ඩයක් අලෙවි කරන සෑම අවස්ථාවකම එම භාණ්ඩයේ ප්‍රමාණය පාරිභෝගිකයාගේ අනන්‍යතාව, දිනය සහ වටිනාකම ඇතුළත් කුවිතාන්සියක පිටපතක් සෑම අවස්ථාවකම සන්තකයේ තමා ගත යුතු බවට ද අදාළ ගැසට් නිවේදනයේ තවදුරටත් සඳහන් අකර ඇත්තේ නියෝගයක් ලෙසයි. කොන්දේසිවලට යටත් කර ඇති ගැසට් කළ භාණ්ඩ අතර සහල්, තිරිගු පිටි, බිත්තර, පරිප්පු, ටින්මාළු, කිරිපිටි, සුදුළුණු, කුකුල්මස්, මුං ඇට, අර්තාපල්, වේලිච්ච මිරිස් සහ සීනි ආදී ආහාර වර්ග ඇතුළත්.

මීට අමතරව ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය සිමෙන්ති, ගඩොල්, වැලි, වානේ මෙන්ම මෝටර් රථ අමතර කොටස්, පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය ආදිය ද අදාළ ගැසට් නිවේදනය මගින් කොන්දේසිවලට යටත් කර තිබෙනවා.

POPULAR

Recent articles