ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව මීළඟ ඉන්ධන නැවට ගෙවීම සඳහා ඩොලර් නෑ

මීළඟ ඉන්ධන නැවට ගෙවීම සඳහා අවශ්‍ය කරන ඩොලර් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව නැති බව වාර්තා වෙනවා. ඉන්ධන සඳහා ගෙවීම් කිරීම සදහා ඩොලර් මිලට ගැනීමට අවශ්‍ය රුපියල් ප්‍රමාණය සංස්ථාව සතු නොවීම මීට හේතුවයි.

සංස්ථාව විසින් දිගින් දිගටම ලංකා විදුලිබල මණ්ඩලය වැනි රාජ්‍ය ආයතන වලට ණය පදනම මත ඉන්ධන ලබා දීම හේතුවෙන් රුපියල් ආදායම තෙල් සංස්ථාවට අහිමිවී තිබෙන බවයි කියන්නේ.

මේ හේතුවෙන් ඩොලර් මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 214 මුදලක් භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇතත් භාණ්ඩාගාරය සතුව එම මුදල නොමැතිවීම හේතුවෙන් මුදල් අච්චු ගැසීමට සිදුවන බව මීට පෙර මහ බැංකුවේ අධිපතිවරයාද සඳහන් කර තිබුණා.

POPULAR

Recent articles