සමරිසි අයිතීන් වෙනුවෙන් පනත් කෙටුම්පතක්

ශ්‍රී ලංකාව තුළ LGBTQ+ ප්‍රජාවන්හි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන සඳහා වන පනත් කෙටුම්පතක් අද (24) පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත විසින් ජනාධිපතිවරයා වෙත භාරදී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව තුළ LGBTQ+ ප්‍රජාවන්හි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් එය ඉදිරිපත් කර ඇති බවයි.

LGBTQ+ ප්‍රජාව සම්බන්ධයෙන් මෙරට සමාජය තුළ ඇත්තේ අතිශය පසුගාමී අදහසක් බවත් මේ නිසා දෛනික ජීවන කටයුතුවලදී පමණක් නොව රාජ්‍ය හා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලදී පවා මෙම ප්‍රජාව විවිධ හිංසනයන්ට, පීඩාවන්ට හා අතවරයන්ට පත්වූ අවස්ථා වැඩි බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

මේ සියල්ල සැලකිල්ලට ගෙන මෙම පුද්ගලික මන්ත්‍රී යෝජනාව නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මන්ත්‍රීවරයා විසින් යොමු කර තිබෙන බව එහි වැඩිදුරටත් දැක්වෙනවා.

අදාළ නිවේදනය –

POPULAR

Recent articles