ආණ්ඩු පක්‍ෂ සංවිධායකවරුන් පත් කෙරේ

පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය හා සහකාර සංවිධායකවරුන් පත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා විසින් ඊයේ (27) පාර්ලිමේන්තු අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කර තිබෙනවා.

ඒ අනුව ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් ලෙස පත්කර ඇත්තේ සාගර කාරියවසම් හා ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරුන් වනවා.

ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායකවරුන් ලෙස කෝකිලා ගුණවර්ධන, මධුර විතානගේ හා තිස්ස කුට්ටිආරච්චි පත් කර තිබෙනවා.

POPULAR

Recent articles