මැයි 09 ප්‍රහාර ගැන සාක්ෂි විමසීම අවසන්

දිවයින පුරා සිදු වූ මැයි 09 ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ සාක්ෂි විමසීම අවසන් කර තිබෙනවා.

එම කමිටුව සඳහන් කර සිටියේ නිලධාරීන් 35 දෙනෙකුගෙන් පමණ සාක්ෂි විමසූ බවයි.

හිටපු යුද හමුදාපති ජනරල් ශවේන්ද්‍ර සිල්වා, පොලිස්පති සි.ඩී. වික්‍රමරත්න, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් යන අයද ඒ අතර වනවා.

මැයි 09 වනදා දිවයිනේ සිදු වූ ප්‍රහාර වළක්වා ගැනීමේදී ආරක්ෂක අංශවලින් අඩුපාඩුවක් සිදුවූවාදැයි සොයා බැලීම මෙම කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබනවා.

මෙහි වාර්තාව කඩිනමින් ජනාධිපතිවරයාට ලබාදීමට නියමිතව තිබෙනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කළ එම කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන්නේ, හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ වන අතර සෙසු සමාජිකයින් වන්නේ හිටපු හමුදාපති දයාරත්නායක, හිටපු ගුවන් හමුදාපති මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රෝෂාන් ගුණතිල යන අයයි.

POPULAR

Recent articles