”ඩොලර් මිලියන 100ක් ඉපැයීම් කළත් රුපියල් වෙන්නේ ඩොලර් මිලියන 50යි” – මහ බැංකු අධිපති

තේ අපනයකරුවන් මාසිකව ඩොලර් මිලියන 100ක් ඉපැයීම් කළත් රුපියල් බවට පරිවර්තනය කරන්නේ ඩොලර් මිලියන 50කට ආසන්න මුදල් පමණක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ, කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමයේ මහ සභාව අමතමින්.

“ඔබගේ නියෝජිතයින් සහ විෂයභාර අමාත්‍යවරයා මුණ ගැසෙන සෑම අවස්ථාවකදීම ඔවුන් චෝදනාවක් කරනවා. ඒ අපේ තේ අපනයකරුවන් මාසිකව ඩොලර් මිලියන 100ක් ඉපැයීම් කළත් රුපියල් බවට පරිවර්තනය කරන්නේ ඩොලර් මිලියන 50කට ආසන්න මුදලක් කියලා. මම හිතන්නේ දැන් කාලය ඇවිල්ලා ඔබ අද අපනයනයන් සිදුකරනවා නම් මාසයක් ඇතුළත මුදල් ගෙනඒම සිදුකරන්න. මේ සඳහා පුද්ගලිකව මම පරිපාලන ක්‍රියාමාර්ග ඉදිරිපත් කිරීමට කැමැති නැහැ. මට අවශ්‍ය ඔබ මේ සඳහා පොළඹවන්න විතරයි. රටේ වත්මන් තත්ත්වය පොඩ්ඩක් හිතලා බලන්න.

අපනයන සම්බන්ධ ව්‍යාපාරයක් සිදුකිරීමේදී අපි විසින් ඔබට දින 180ක කාලයක් ලබාදෙනවා. ඒ එම ආදායම නැවත මෙරටට ගෙන ඒමට. නමුත් ඒකෙන් අදහස් වන්නේ නැහැ රටේ ගෙවුම් ශේෂ අර්බුදයක් ඇති අවස්ථාවක විදේශයන්හි මිලදී ගැනීම් සඳහා දින 180ක කාලයක් ඔබට ණයක් දෙනවා කියලා. අපේ බැංකු පද්ධතිය අත්තිකාරම් මුදලක් ගෙවීමකින් තොරව මෙරට ආනයනය කටයුතු සඳහා විදේශයක ණයවර ලිපියක් විවෘතකර ගැනීමට නොහැකි වෙලා තියනවා. එවැනි අවස්ථාවකදී ඔබේ පූර්ණ ප්‍රතිලාභය මාස 6ක කාලයක් තුළ විදේශීය සැපයුම්කරුවන්ට ලබා දෙනවානම් ඒකේ ගැටලුවක් තිබෙනවා” යැයි ‍මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

POPULAR

Recent articles