“සියලු ශ්‍රී ලාංකිකයන්ට අදහස් ප්‍රකාශ කිරීමේ හා සාමකාමීව රැස්වීමේ නිදහස තිබෙනවා” – ජගත් මානව හිමිකම් කොමිසම

හෙට (09) මෙරට පැවැත්වීමට නියමිත දැවැන්ත විරෝධතා පෙළපාලි සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමිසම විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මහජන එක්රැස්වීම්වලදී පොලීසිය විසින් සිදුකරන කටයුතු සංයමයෙන් යුතුව සිදු කරන ලෙසත් ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා ලෙසත් ඔවුන් එම නිවේදනය මඟින් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

එසේම වෛද්‍ය, මානුෂීය හෝ අත්‍යාවශ්‍ය සේවාවන්ට බාධා නොවන පරිදි සාමකාමීව විරෝධතාවයේ නිරත වන ලෙස ඔවුන් විරෝධතාකරුවන්ගෙන් ද ඉල්ලීමක් කර තිබෙනවා.

මානව හිමිකම් ආරක්‍ෂකයින්ට හා මාධ්‍යවේදීන්ට පෙළපාලි නිරීක්‍ෂණය කිරීමට සහ වාර්තා කිරීමට අයිතියක් ඇති බවත්, එම නිසා එම කටයුතු සිදු කිරීමේදී ඔවුන් ආරක්‍ෂා කළ යුතු බවටත් කිසිඳු අයුරකින් බාධා නොකළ යුතු බවටත්, ආරක්‍ෂක අංශවලට පැහැදිලි උපදෙස් දෙන ලෙසද ජගත් මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

POPULAR

Recent articles