”ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමට බාධාවක්” – ජී. එල්. පීරිස්

ත්‍රස්තවාදය වැළැක්වීමේ වෙනුවට නව පනතක් ගෙනඑන තුරු දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක නොකරන බවට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දු වී ඇති බව පොහොට්ටුවේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් පවසනවා.

ඔහු කියන්නේ එම පොරොන්දුව කඩකිරීම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සහය ලබාගැනීමේ ක්‍රියාවලියට බාධාවක් විය හැකි බවයි. තමන් විදේශ කටයුතු අමාත්‍යවරයාව සිටි සමයේ එම පොරොන්දුව දුන් බවත්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ද එය අනුමත කර එසේ ක්‍රියා කරන ලෙසට අදාළ අංශවලට අවශ්‍ය උපදෙස් දී තිබූ බවත් ඔහු පවසනවා.

මෙම පනත ක්‍රියාත්මක කර පෙලපාලි, අරගලවලට සම්බන්ධ පුද්ගලයන් දින 90ක් රඳවා ගැනීම ජාත්‍යන්තරයට දී ඇති ප්‍රතිඥාවට සම්පූර්ණ පටහැනි නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මෙරටට පැමිණ සාකච්ඡා පවත්වන අවස්ථාවක මෙරට මානව හිමිකම් තත්වය විවේචනයට ලක්වෙමින් තිබීම රටට අවශ්‍ය ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමේ ප්‍රයත්නයට බාධාවක් බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

POPULAR

Recent articles