ඉන්දීය විදේශ කටයුතු ඇමති දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් හමුවෙයි

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, ආර්. සම්බන්ධන් ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිසක් හමුවුණා. රජය සහ දෙමළ ජාතික සන්ධානය අතර මාර්තු 25 පැවති රැස්වීමේ ප්‍රගතිය පිළිබඳ ඔවුන් විසින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා දැනුවත් වක්‍ර තිබුණා.

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ඉඩම් පරිහරණය, අතුරුදන් වූවන් පිළිබඳ ගැටලු, 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ දෙමළ ඩයස්පෝරා ආයෝජන සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වූ බව ඔවුන් පවසා තිබෙනවා.

රජයේ සහ TNA න්‍යාය පත්‍රයේ ඇති සියලුම අන්තර් ක්‍රියාවලදී ගැටලු සම්බන්ධයෙන් ඇති වූ ධනාත්මක වර්ධනයන් එස්. ජයශංකර් විදේශ අමාත්‍යවරයාගේ පැසසුමට ලක් වූ බවයි වාර්තා වන්නේ. එක්සත් ශ්‍රී ලංකාවක් යන රාමුව තුළ ශ්‍රී ලාංකික දමිළ ජනතාවගේ සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ අභිමානය වෙනුවෙන් ඉන්දියාව නිරන්තරයෙන් සහයෝගය දක්වන බව මෙම හමුවේදී එස්. ජයශංකර් අමාත්‍යවරයා අවධාරණය කර තිබුණා.

POPULAR

Recent articles