විදෙස්ගත ලාංකිකයන් මෙරටට එවනු ලබන මුදල් ශීඝ්‍ර ලෙස පහත බසියි

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් මෙරටට එවනු ලබන මුදල් ශීඝ්‍ර ලෙස පහත බැස ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරනවා. එම වාර්තා පවසන ආකාරයට විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2020 දෙසැම්බරයේදී ඩොලර් මිලියන 813ක් වී තිබුණා. එය 2021 දෙසැම්බරයේදී වාර්තා වී ඇත්තේ ඩොලර් මිලියන 325ක්. එය ඩොලර් මිලියන 488ක විශාල අඩුවීමක්. ප්‍රතිශතයක් ලෙස 60%ක අඩුවීමක් බවයි පැවසෙන්නේ.

2020 ජනවාරි සහ දෙසැම්බර් අතර කාලයේදී සමස්ත විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 7,104ක් වුනත් 2021 ජනවාරි සහ දෙසැම්බර් කාලයේදී ඒ ප්‍රමාණය ඩොලර් මිලියන 5,491ක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව කියන්නේ. එය ඩොලර් මිලියන 1613ක වාර්තාගත අඩුවීමක් බවයි කියන්නේ. ප්‍රතිශතයක් ලෙස එය 22.7%ක පහල වැටීමක්.

POPULAR

Recent articles