ජනාධිපති මාධ්‍ය අංශයට නව තනතුරක්

සදුන් අරෝෂ ප්‍රනාන්දු මහතා ජනාධිපති මාධ්‍ය අංශයේ කරුණු පරීක්‍ෂා කිරීමේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂවරයා (Deputy Media Director for Fact Check) ලෙස පත් කර තිබෙනවා.

ඊට අමතරව ඉංග්‍රීසි කර්තෘ මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙසද ඔහු කටයුතු කරන බවයි කියන්නේ.

සදුන් අරෝෂ ප්‍රනාන්දු මහතා යනු Citizen Fact Check හි සම-නිර්මාතෘවරයා යි. එවැන්නක් ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධානයක් විසින් ආරම්භ කරන ලද ප්‍රථම කණ්ඩායම ලෙස දැක්වෙන්නේත් Citizen Fact Check කණ්ඩායම යි. ජාත්‍යන්තර තතු පිරික්සුම් ජාලය (IFCN) විසින් පුහුණුව ලද අරෝෂට ශ්‍රී ලංකාවේ සාවද්‍ය තොරතුරු සෙවීම පිළිබඳව අත්දැකීම් ඇත්තෙක්.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙකු සිය කාර්යාලය සඳහා සාවද්‍ය තොරතුරු සහ සත්‍ය පරීක්‍ෂාව පිළිබඳව තනතුරක් ස්ථාපිත කළ පළමු අවස්ථාව මෙයයි.

POPULAR

Recent articles