ශ්‍රී ලංකාවට පැමිණෙන ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය

දේශපාලන කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලෑන්ඩ් අද ශ්‍රී ලංකාව ඇතුලු දකුණු ආසියාතික කලාපයේ නිල සංචාරයක් කිරීමට නියමිතයි. ට්විටර් සටහනක් තබමින් ඇය සඳහන් කර ඇත්තේ ඉන්දු – පැසිපික් කලාපය පුරා සාමය සහ ආරක්ෂාව ශක්තිමත් කිරීම සිය සංචාරයේ අරමුණ බවයි. ඒ වෙනුවෙන් වන හවුල්කාරීත්වය වෙනුවෙන් තමා අදාල රටවල සංචාරය කරන බව ඇය ප්‍රකාශ කළා.ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය සිය දකුණු ආසියානු චාරිකාවේදී බංග්ලදේශය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ඇති. ආර්ථික හවුල්කාරීත්වයන් සහ අන්‍යෝන්‍ය සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය ඇතුලු නියෝජිතයන් එම සංචාරයේදී සිවිල් සමාජය මෙන්ම ව්‍යාපාරික නායකයන්ද හමුවීමට නියමිතයි. ඇය සමග ශ්‍රී ලංකාව ඇතුලු රටවල සංචාරය කරන දූත පිරිසට ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මෙන්ම එරට ප්‍රතිපත්ති පිළිබඳ නියෝජ්‍ය ආරක්ෂක ලේකම් ඇමැන්ඩා ඩෝරි ද ඇතුලත්.

POPULAR

Recent articles