“විරෝධතාකරුවන්ට හානි කිරීමට වෙඩි තැබුවේ නෑ” – ශ්‍රී ලංකා යුද හමුදාව

කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළුවීමට උත්සාහ දැරූ විරෝධතාකරුවන්ට සිතා මතා හානිකිරීමේ අරමුණින් වෙඩි නොතැබූ බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසනවා. සමාජ මාධ්‍ය ඔස්සේ ඒ සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාරවල සත්‍යතාවක් නොමැති බවයි ඔවුන් පවසන්නේ.

විරෝධතාකරුවන් එම පරිශ්‍රය වෙත ඇතුළුවීම වැළැක්වීම සඳහා අහසට මෙන්ම ජනාධිපති මන්දිරයට ඇතුළුවන ප්‍රධාන ගේට්ටුවේ පැති බැම්මට වෙඩි ප්‍රහාර කිහිපයක් තැබීමට පියවර ගත් බව යුද හමුදාව කියනවා. අහසට වෙඩි තැබීම සහ ගේට්ටු පැති බැම්මට වෙඩි තැබීම වළක්වාලීමේ උපක්‍රමයක් ලෙස භාවිතා කළ අතර එය කිසිසේත්ම විරෝධතාකරුවන්ට ශාරීරික හානියක් සිදුකිරීම සඳහා ගත් පියවරක් නොවන බවයි යුද හමුදාව පවසා ඇත්තේ.

POPULAR

Recent articles