”භූමිතෙල් මිල වැඩි කරන්න තිබුණේ මීට අවුරුදු කීපයකට කලින්” – කංචන විජේසේකර

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කලේ ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 87 සිට රුපියල් 340ක් දක්වා වැඩි කළා. අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ, ඛනිජතෙල් නීතිගත සංස්ථාව මෙතෙක් කල් පාඩු ලැබීමට භූමි තෙල් සහන මිලට සැපයීම ප‍්‍රධාන හේතුවක් වූ බවයි.

twitter පණිවියක් මඟින් අමාත්‍යවරයා ඒ බව දැනුම් දුන් අතර ඔහු වැඩි දුරටත් සඳහන් කලේ, භූමිතෙල් මිල සංශෝධනය මීට වසර කිහිපයකට පෙර සිට සිදු කළ යුතුව තිබූ බවයි. කෙසේ වෙතත් අඩු ආදායම්ලාභී පවුල් සහ ධීවර හා වැවිලි ක්ෂේත‍්‍ර සඳහා සෘජු මුදල් සහනාධාරයක් ලබාදීමට රජය යෝජනා කර ඇති බව අමාත්‍යවරයා පවසනවා.

POPULAR

Recent articles