ලිට්‍රෝ ගෑස් සමාගම අද (20) කෝප් කමිටුව හමුවට

ලිට්‍රෝ ගෑස් සමාගමේ ඉහළ කළමනාකාරීත්වය අද (20) කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා.

ඒ, පවතින ගෑස් හිඟය හා ඊට අදාළ විසඳුම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහායි.

මේ අතර 9 වැනි පාර්ලිමේන්තුවේ, දෙවැනි සභාවාරයේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ, පළමු වාර්තාව අද (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වනවා.

ඒ, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය තිස්ස විතාරණ විසිනුයි.

රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවට කැඳවන ලද ආයතන 7 ක විමර්ශන මෙම වාර්තාවට ඇතුළත්ව තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන ද ඒ අතර වන බවයි.

POPULAR

Recent articles