“දේශපාලනය​ ​ස්ථාවර නොකළොත් ඉල්ලා අස්වෙනවා” – මහ බැංකු අධිපති

ඉදිරි සතිය තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොකරන්නේ නම් තමන් ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයා ප්‍රමුඛ සියලුම දේශපා​ලන පක්ෂවලට දැනුම්දී ඇති බව බැංකු අධිපති මහාචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

මහ බැංකු අධිපතිවරයා අනතුරු අඟවන්නේ හැකි ඉක්මනින් දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොකෙරුවහොත් ආර්ථික වශයෙන් මෙම රට ගොඩ ගැනීමට කිසිඳු පුද්ගලයෙකුට නොහැකි වන බවයි.

මේ වන විට මහ බැංකු මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපති මහාචාර්ය නන්දලාල් වීරසිංහ මේ බව කියා සිටිනවා.

POPULAR

Recent articles