”රැඳවුම් නියෝග සඳහා අත්සන් කළහොත් එය අඳුරු දිනයක් වෙයි” – මානව හිමිකම් නියෝජිතවරිය

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන් ජිවන්ත හා පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කනස්සල්ලට පත්වූ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කියා සිටිනවා.

එම සංවිධානයේ මානව හිමිකම් ආරක්ෂකයින් පිළිබඳ විශේෂ නියෝජිත මේරි ලොලර් Twitter සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා.

ඔවුන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග සඳහා අත්සන් නොකරන ලෙස තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටින බවත්, එසේ අත්සන් කළහොත් එය ශ්‍රී ලංකාවට අඳුරු දිනයක් වනු ඇති බවත් ඇය Twitter සටහන මඟින් අවධාරණය කරනවා.

අදාළ Twitter සටහන –

POPULAR

Recent articles