අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නැයි ජනපතිගෙන් උපදෙස්

අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වගකිව යුතු සියලු පාර්ශ්වයන්ට උපදෙස් දී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. පවතින විදුලි කප්පාදුව සහ ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් ඊයේ (02) ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් දුන් බවයි කියන්නේ.

විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයන්හි නිලධාරීන් සමග කළ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ප්‍රමාදයකින් තොරව ඉන්ධන ගෙන්වීම, සංචිත පවත්වා ගෙන යාම, විදුලි උත්පාදනය සඳහා ඉන්ධන සහ ගල් අඟුරු සැපයීම අඛණ්ඩව සිදු කිරීමට තීරණය කළ බව සඳහන් වෙනවා.

ඒ අනුව මාර්තු 05 වනදා සිට විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව නිලධාරීන් පවසා තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, මහබැංකු අධිපති, ජනාධිපති ලේකම්, ජනාධිපති ප්‍රධාන උපදේශක, රේඛීය කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු, ආයතන සභාපතිවරු සහ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිට ඇති බව වාර්තා වෙනවා.

POPULAR

Recent articles