”මම ජනාධිපති වුණොත් සර්වපාක්ෂික ආණ්ඩුවක් හදනවා” – ඩලස් අලහප්පෙරුම

තමන් ජනාධිපති ධුරය සඳහා තේරී පත් වුවහොත් නිශ්චිත වශයෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන බව පොහොට්ටුවේ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සඳහන් කරනවා. එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් නොකරන බවටයි ඔහු පවසා ඇත්තේ.

අරගල කරමින් සිටින ජනතාව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කරන ලෙස එවන් අයෙකු අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමට තමන් කිසි විටෙක සූදානම් නැති බව මන්ත්‍රීවරයා පවසනවා. ගොඩනගන පාක්ෂික ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය විපක්ෂය නියෝජනය කරන අයෙකුට ලබා දිය යුතු බව අලහප්පෙරුම මහතාගේ අදහස යි.

POPULAR

Recent articles