”විශ්වවිද්‍යාල සිසුන්ට පහරදීම ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක නොවන බවට කදිම නිදසුනක්” – සරත් ෆොන්සේකා

නිරායුධ සාමකාමී විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පෙලපාලියකට පහරදී පලවා හැරීමට සන්නද්ධ පොලිස් හා විශේෂ කාර්ය බලකා සෙබලුන් දහස්ගනනක් යෙදවීම රටක ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක නොවන බවට කදිම නිදසුනක් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සිටිනවා.

මැයි 09 වනදා මහින්ද රාජපක්ෂ එවක අගමැතිවරයාද මේ ආකාරයෙන්ම මැර පිරිසක් යොදවා සාමකාමීව අවිහිංසාවාදීව පවත්වාගෙන ආ අරගලයට පහර දුන් බවද ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සිය Facebook ගිණුමේ සටහනක් තබමින් පවසනවා.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර සහාය අත්‍යාවශ්‍ය මොහොතක මෙවැනි අනවශ්‍ය මර්ධනකාරී ප්‍රතික්‍රියාවන්ගේ බලපෑම සමස්ත රටවැසියා තවදුරටත් පීඩාවට පත්කරන බවයි.

අදාළ සටහන –

POPULAR

Recent articles