සහල් ආනයනය අත්හිටුවන ලකුණු

අවශ්‍ය තරම් සහල් දැනට රට තුළ තිබෙන බැවින් සහල් ආනයනය තාවකාලිකව අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

මෙරටට සහල් ආනයනය කිරීම දෙසැම්බර් මාසය තෙක් අත්හිටුවන ලෙසට තමන් අමාත්‍ය මණ්ඩලයෙන් අද (01) ඉල්ලීමක් කරන බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා පවසා සිටිනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශකර සිටියේ කෘෂි බීජ ආනයනකරුවන්ගේ සංගමය සමග පැවැති සාකච්ඡාවකදී යි.

POPULAR

Recent articles