විදුලි බිලෙන් සහන දෙන්න පන්සල් පල්ලි ලැයිස්තුවක්

විදුලි බිල ගෙවීම අසීරු පූජනීය ස්ථාන සම්බන්ධයෙන් ලැයිස්තුවක් පිළියෙල කරගෙන යන බව බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක අද (20) පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

ඒ අනුව කළ හැකි දේ මොනවාදැයි සොයා බලන බව ඔහු සඳහන් කර සිටියා.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සමගි ජන බලවේගය පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි.

විදුලි බිලේ ප්‍රශ්නය ගැන විදුලිබල අමාත්‍යවරයා සමග කිහිප වරක්ම සාකච්ඡා පැවැත්වූ බව පැවසූ අමාත්‍යවරයා සහන ලබා දෙන වකවානු ගැන දැන්ම අදහසක් පළ කළ නොහැකි බවද පැවසුවා.

කඨින පින්කම් වලට පෙර විදුලි බිලට විසඳුමක් ලබා දිය හැකි යැයි තමා ප්‍රකාශ නොකරන බවත් බොරු පොරොන්දු දීමට අකමැති හෙයින් එවැනි ප්‍රකාශ නිකුත් කිරීමට බලාපොරොත්තු නොවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

POPULAR

Recent articles