ගෝඨාභය රාජපක්ෂ එළඹෙන සතියේ ලංකාවට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි විසින් සනාථ කර තිබෙනවා. විදෙස් මාධ්‍යයක් වෙත ඔහු පවසා ඇත්තේ හිටපු ජනාධිපතිවරයා දිවයිනට පැමිණෙන බව රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ දැනුම්දී ඇති බවයි.

ඉකුත් ජූලි 13 වනදා මෙරටින් පැන ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පළමුව මාලදිවයිනටත් පසුව සිංගප්පූරුවටත් ගොස් රැඳී සිටියි. මේ වනවිට ඔහු තායිලන්තයට පැමිණ සිටිනවා. හිටපු ජනාධිපතිවරයා ලබන සතියේ යළි මෙරටට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසන්නේ ඒ වෙනුවෙන් නිල වශයෙන් රජයට කාර්යභාරයක් නොමැති බවයි. ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස ඔහුට රිසිසේ සංචාරයන්හි නිරත වියහැකි බවත් අමාත්‍ය අලි සබ්රි පවසා තිබෙනවා.

POPULAR

Recent articles