”ජනරජයට වඩා මම පොහොසත්” – ජනපති

තමන් ජනරජයට වඩා පොහොසත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු කියන්නේ තමන් අත ඉතිරි කරගත් ඩොලර් දහසක් තිබෙන නිසා තමන් එසේ පොහොසත් බවයි ඔහු කියන්නේ.

“දැන් අප පසුකරන්නේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමේ කාලසීමාවක. අපි නැවතත් යථා තත්ත්වයට පත්වෙමින් සිටිනවා. තත්ත්වය බොහෝදුරට සාමාන්‍ය අතට හැරී අවසන්. අපි ආකල්පමය වශයෙන් වෙනස්වීම අවශ්‍යයි. එසේ කළහොත් ඉන්පසු මේ රටට අනාගතයක් පවතීවි. එසේ නොවුනහොත් අපි තවත් ලෙබනනයක් බවට පත්වෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස පත්වු විට මම හඳුනාගත් කරුණක් තමයි විදේශ විනිමය තත්ත්වය සැලකූ විට මම ශ්‍රී ලංකා ජනරජයට වඩා පොහොසතෙකු බව. මගේ නිවසේ තිබෙනවා මා විසින් ඉතිරි කරගත් ඩොලර් දහසක්. ඒ අනුව මම ජනරජයට වඩා දහස් ගුණයකින් පොහොසත්.

අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගින් සාකච්ඡා කරමින් සිටිනවා. කාර්ය මණ්ඩල එකඟතාවයක් සඳහා අවසන් කොන්දේසි සැකසීමට දැන් කණ්ඩායම් දෙකක් සිටිනවා. ණය පැකේජයක් ලබාදීමට සැලසුම්කරන බටහිර සහ චීනය ණය ආපසු ගෙවීම සඳහා අමතර මුල්‍යාධාරයක් ලබාදීමට සුදානම් වීමයි. මෙම ඉලක්කයන් කරා ළඟාවිය හැකි ආකාරය ගැන අප ජපානය සමඟ සාකච්ඡා කරනවා. අපි කඩිනමින් ක්‍රියාත්මක වුවහොත් මෙය කෙටිකාලීන වේදනාවක් වෙයි. එහෙත් තවදුරටත් වාද විවාද සිදුකළහොත් සියල්ලන්ටම විඳවීමට සිදුවේවි.

අපි නැවතත් පැරණි දේශපාලනයේ ම නිරතව සිටින්නේ පැරණි ක්‍රමය ගෙන ඒමට ද. එයයි ප්‍රශ්නය. හරි අපි මුලින්ම 22 වන සංශෝධනය සම්මත කරගමු. මමත් ඔබත් ඊට සහාය දක්වන බව මම දන්නවා. ඉන්පසුව අපි පාර්ලිමේන්තුව රජයක් බවට පත්කිරීමට උත්සාහ කරමු. අංශික අධීක්ෂණ කාරක සභා, ජාතික සභාව, අධීක්ෂණ කාරක සභාවට සහභාගිවිය හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් නොවේ. ඔවුන්ට තරුණ නියෝජිතයින් 5දෙනෙකුට ආරාධනා කළ හැකියි. ඔවුන්ට කමිටු සභාපතිවරයාගේ අවසරය පරිදි පක්ෂවලින් ප්‍රශ්න කළ හැකියි. ලෝකයේ වෙනත් කිසිදු රටක් මේ ආකාරයෙන් තරුණ පිරිසට ආංශික අධීක්ෂණ කමිටුවලට සහභාගීවෙන්න අවස්ථාවක් ලබාදී නෑ. අපිට මේ පාර්ලිමේන්තුව හරහා නව ක්‍රමවේදයකට අවතීර්ණ විය හැකියි. අපට එය තවත් පිරිසකට පැවරිය නොහැකියි. අපේ දරුවන් අපේ බැවින් සහ අප ලබාගත් බැවින් රැගෙන යා යුතුමයි.

නව ව්‍යවස්ථාවක් කරා යාමටත් අපිට හැකියාවක් තිබෙනවා. ජන වර්ග අතර ගැටලුව ද අප විසින් විසඳාලිය යුතුයි. යුද්ධය 2009 වසරේ දී අවසන් වු බැවින් අපි නැවතත් යුද්ධ කළ යුතු වන්නේ නෑ. අපි ඩයස්පෝරාව දෙසත් බැලිය යුතුයි. ඔවුන් ශක්තිමත් මෙන්ම ආයෝජන මුලාශ්‍රයක්. ඒ අනුව මම තීරණය කළා ඩයස්පෝරාවේ ගැටලු සහ අපේකෂාවන් සොයා බැලීම සඳහා මෙහි ඩයස්පෝරා කාර්යාලයක් පිහිටුවන්න” යි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

POPULAR

Recent articles