කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාවේ සාමාජිකත්වයට එහි හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් නම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර සිටියේ අද (04) පාර්ලිමේන්තුවේදී යි.
සමගි ජන බලවේගය විසින් අදාළ කාරක සභාවට නම් කළ ආචාර්ය හර්ෂ ද සිල්වා එම සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බවට දැනුම් දී ඇති බැවින් චරිත හේරත් ඊට නම් කරන බව විපක්ෂ නායකවරයා එහිදී කියා සිටියා.