”විකෘතිය නිවැරදි කිරීමට මැතිවරණයක් අවශ්‍යයි” – හරිනි අමරසූරිය

සර්ව පාක්ෂික ආණ්ඩුවක් කියා දෙයක් නැති බවත් තිබෙන්නේ තියෙන්නේ රනිල්, රාජපක්ෂ කණ්ඩායමත් සමග අටවාගත් ආණ්ඩුවක් බවත් ඔහු ඉදිරිපත් කර ඇත්තේ ඔහුගේ ප්‍රතිපත්තියක් මිස අන් කිසිවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ඇය පෙන්වාදෙන්නේ තනි පුද්ගලයෙකුගේ ප්‍රතිපත්ති ක්‍රයාත්මක කරවීම වෙනුවෙන් හෝ ඒවා සාධාරණීකරණය කිරීම වෙනුවෙන් සර්ව පාක්ෂික ආණ්ඩුකට සහාය දිය නොහැකි බවයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීමත් සමග අපේ පාර්ලිමේන්තුව කොතරම් විකෘතියක්ද යන්න පැහැදිලි වන බවත් ඔහුගේ පත්වීම ව්‍යාවස්ථානුකූල වුවත් ව්‍යවස්ථාවට මුවා වී ජනතා මතයට එපිටින් ගොස් ඇති බව පෙන්වාදෙන මන්ත්‍රීවරිය නිර්මාණය වී තිබෙන තියෙන විකෘතිය නිවැරදි කිරීමට මැතිවරණයක් අවශ්‍ය බවද කියා සිටිනවා.

කළුතර පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව පවසා තිබෙනවා.

POPULAR

Recent articles